Tuesday, July 19, 2011

තාත්තා

උගුර පාදනා හඩ
යන්තමට ඇහෙනවා ..........
තාත්තා එන බවක්
ඈතින් ම පේනවා..........
දිරා ගිය පන් පැදුර
පිල්කඩෙහි තෙමෙනවා....................
තාත්තා නොවෙයි ඒ,
වෙන කෙනෙක් පෙනෙනවා......
තව -තවත්
තව -තවත්
.............
.............
මම පාර බලනවා
????..........
තෙමි තෙමී
තෙමි තෙමී
පන් පැදුර මියැදුනා.........
කදුළු සිරි පොද එක්ක
මං ඉතින් තනි වුණා.

No comments:

Post a Comment