මම
ගෙදර එන දාට
හැමදාම මග බලා හිටියා ...අළුත් කැකුළු හාල් බත් එක්ක
වැව් මාළු උයලා පොල් සම්බල් හදලා
පාර දිහා බල බලා හිටියා කෑමත් නොකා.................
කාටවත්,
කිසිම දෙයක් නොකියා
පාලම ගාව සියඔලා ගහ යටට වෙලා....
බීඩි කොට උර උරා ඇල දිහා බලාගෙන
පැය ගණන් හිටියා කවුරු හරි ඈතින් එනකං..............
පොඩි පුතා ඈතින් ආවා..................................................
තාත්තා හිනාවුණා..................
මොකුත්ම නොකියා යන්න ගියා ගෙදර පොඩිපුතා එක්කම
ගොඩක් සතුටින්
මේ නිකිණි පෝයට
පොඩිපුතා ගෙදර එනවා............
ඒ විදියටම කෑම ටික තියෙන බව දන්නවා
ඒ වගේම
පාලම ගාව සියඔලා ගහ යට
කවුරුත්ම නැති බවත් දන්නවා......................................
ඒ බව දැන දැනත් පොඩිපුතා ආපහු ගෙදර එනවා..............
ඒත් එදා වගේම නෙමෙයි.