Monday, September 26, 2011

ජීවිතය

ජීවිතය 
ජීවත් කරවන
හුගාක් අය....
 හදවතින් 
හිනාවෙන අය 
ඒත් 
ඒ හිනාව
දකින්න පුළුවන් 
..........?
විතරයි

තනිකම

මන්දාරම් අහසේ 
බැස යන හිරු නිසා සැගව ගිය 
ඉරබට තරුව නුඹ..........
නෙතු පියන් වසා ගත්
හැම මොහොතකම
මගේ 
                            තනියට 
තනි නොතනියට
සිටි 
                     තනිකම
මම 
නුඹට ආදරෙයි......
හැමදාම.....................................................................................................

යළි කවදාවත්...........


පසු ගිය වසන්තයේ..........
ඔබ හා මා
පැමිණි මෙපියස
අද මා තනිව............................
මේ සීතල කදුලු සිරිපොද
ඔබ මගේ.... මියගිය.....
අතීතය වෙනුවෙන්ම විතරයි..............
යළි කවරදාවත්...........
ඔබ නොඑන බව
දැන දැනත්-මම තාම මග බලනවා...............................
ඒ............
සීතල සුළග
ඔබේ සුවද රැගෙන එන නිසාම විතරක් නෙමේ...............
ඒ සුවදට.....
මිය ගිය අතීතය.........
යළි ඉපිදවි හැකි නිසා.........................................................
හෙටත් මම බලා ඉන්නවා..........
සුළග සුවද රැගෙන එනකං............................

Wednesday, July 20, 2011

සෙනෙහස

මම
ගෙදර එන දාට 
හැමදාම මග බලා හිටියා ...
අළුත් කැකුළු හාල් බත් එක්ක
වැව් මාළු උයලා පොල් සම්බල් හදලා
පාර දිහා බල බලා  හිටියා කෑමත් නොකා.................
කාටවත්, 
කිසිම දෙයක් නොකියා
පාලම ගාව සියඔලා ගහ යටට වෙලා....
බීඩි කොට උර උරා ඇල දිහා බලාගෙන
පැය ගණන් හිටියා කවුරු හරි ඈතින්  එනකං..............
පොඩි පුතා ඈතින් ආවා..................................................
තාත්තා හිනාවුණා..................
මොකුත්ම නොකියා යන්න ගියා ගෙදර පොඩිපුතා එක්කම
ගොඩක් සතුටින් 
මේ නිකිණි පෝයට 
පොඩිපුතා ගෙදර එනවා............
ඒ විදියටම කෑම ටික තියෙන බව දන්නවා 
ඒ වගේම 
පාලම ගාව සියඔලා ගහ යට
කවුරුත්ම නැති බවත් දන්නවා......................................
ඒ බව දැන දැනත් පොඩිපුතා ආපහු ගෙදර එනවා..............
ඒත් එදා වගේම නෙමෙයි.



Tuesday, July 19, 2011

තාත්තා

උගුර පාදනා හඩ
යන්තමට ඇහෙනවා ..........
තාත්තා එන බවක්
ඈතින් ම පේනවා..........
දිරා ගිය පන් පැදුර
පිල්කඩෙහි තෙමෙනවා....................
තාත්තා නොවෙයි ඒ,
වෙන කෙනෙක් පෙනෙනවා......
තව -තවත්
තව -තවත්
.............
.............
මම පාර බලනවා
????..........
තෙමි තෙමී
තෙමි තෙමී
පන් පැදුර මියැදුනා.........
කදුළු සිරි පොද එක්ක
මං ඉතින් තනි වුණා.

ජීවිතය

ජීවිතය ජීවත් කරවන
 හුගාක් අය
 හදවතින් හිනාවෙන අය
ඒත්......
 ඒ හිනාව දකින්න පුළුවන්
  .....................
විතරයි.......